bad weather rainදිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 150 ක පමණ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (31) නිවේදනය කර ඇත.

බස්නාහිර, දකුණ,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 ක පමණ තද වර්ෂාපතනයක් වාර්තා විය හැකි බවත් දිවයිනේ සෙසු පළාත්වල මිලිමීටර් 100 ය ඉක්ම වු තද වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.

ඇතිවිය හැකි වර්ෂාධීක කාලගුණික තත්වය හේතුවෙන් නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඇතිවිය හැකි අවදානම පිළිබද ව සැලකිල්ල දැක්විය යුතු අතර කිසියම් ස්ථානයක නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් ආපදා කළමනාකරණ මධයස්ථානය දැනුවත් කරන ජනතාව ගෙන් ඉල්ලා සිටී. එසේම ජල ගැලීම් සිදු වන ගංගා නිම්න ප්‍රදේශවල ජනතාව ඇතිවිය හැකි ගංවතුර අවදානමෙන් තම දේපළ සුරක්ෂිත කරගැනීම සදහා කටයුතු කරන මෙන් ඉල්ලා සිටී.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු වළක්වා ගැනීම සදහා එළිමහනේ හෝ ගස් යට සිටීමෙන් වළකින ලෙසත්, ආරක්ෂිත ගොඩනැගිල්ලකට හෝ සංවෘත වාහනයකට ගොස් ආරක්ෂිතව රැදී සිටින ලෙසත්, කුඹුරු තේවතු, ක්‍රිඩාපිටි හෝ හේන්, වැව්පිට්ටනි, ජලාශ වැනි විවෘත ස්ථානවල රැදී නොසිටීමත්, රැහැන් සහිත දුරකථන, විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටිමටත් එසේම විදුලි උපකරණ පේනු වලින් ගලවා ඉවත් කිරීමටත්, බයිසිකල් ට්‍රැක්ටර්, යතුරු පැදි හෝ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැළකී සිටීම ආදී ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

එසේම අවදානම් ගස් කඩා වැටීම හේතුවෙන් සහ විදුලි රැහැන් ඇද වැටීම නිසා ඇතිවිය හැකි හානි අවම කර ගැනීම සදහා කටයුතු කරන ලෙසත් පවතින කාලගුණ තත්වය පිළිබදව දැනගැනීම සදහා හෝ යම් ආපදාවක් නිසා ඇතිවන පිඩාකාරී තත්වයන් පිළිබදව තොරතුරු ලබාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අමතන ලෙස ඉල්ලා සිටී.

මේ පිළිබද වැඩි විස්තර සදහා www.dmc.gov.lkයන වෙබ් අඩවියට පිවිසෙන්න

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052