meeting of persons with dasabilities 2022-08-15 2ආපදා අවස්ථාවක දී විශේෂ අවස්ථා සහිත පුද්ගලයින් ගේ අවශ්‍යතා පිළිබදව අවධානය යොමු කිරමින් ආපදා අවස්ථාවක දී විශේෂ අවස්ථා සහිත පුද්ගලයින් වෙනුවෙන් තිරසාර වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා වු සාකච්ඡාවක් අගෝස්තු 15 වන දින අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත් විනි.

ගෝලීය උණුසුම, කාලගුණික හා දේශගුණික විපර්යාසයන් හා අනෙකුත් ස්වාභාවික හා මානව ක්‍රියාකාරකම් නිසා රටේ ආපදා අවදානම තීව්‍ර වෙමින් පවතින අතර ආපදා හේතුකොට ගෙන සිදුවන මිනිස් ජීවිත හා දේපල විනාශයන් ද වැඩි වෙමින් පවතී. එබැවින් ආපදා අවස්ථාවල දී දැඩි අවදානම් කණ්ඩායමක් වශයෙන් ආබාධිත ජනතාවගේජිවිත හා දේපල සුරක්ෂිත කිරිම සදහා තිරසාර වැඩපිළිවළක් සැකසීම සදහා අධ්‍යක්ෂජෙනරාල්තුමාගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

විශේෂ ආබාධ සහිත පුද්ගලයින් සදහා පුර්ව දැනුවත් කිරීම සදහා වැඩපිළිවලක් සකස් කිරීම, විශේෂ ආබාධ සහිත ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂීත වු පුහුණු සහ දැනුවත් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සහ ආපදා පිළිබද දැනුවත් කිරීමේ පත්‍රිකා සරල සහ රූපමය භාෂාවෙන් සකස් කිරීම මෙන්ම ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වීඩියෝ සදහා සංඥා භාෂා මාධ්‍ය යොදැගැනීම පිළිබදව මෙහි දී අවධානය යොමු කරන ලදී.

විශේෂ ආබාධ සහිත පුද්ගල සංගම් නියෝජිතයින් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථායේ නිළධාරීන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී විය.

meeting of persons with dasabilities 2022-08-15 1   meeting of persons with dasabilities 2022-08-15 3   meeting of persons with dasabilities 2022-08-15 4

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052