fishing-boaදිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් මෙම කලාපයේ ධීවර සහ නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තම්න්තුව අනතුරු අගවා ඇත. එසේම මේ වන විටත් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සදහා මුහුදු ගොස් සිටින ධීවර ප්‍රජාව ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් නිවේදනය කර ඇත. 

දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය ඉදිරි පැය 48 ක කාලය තුළ දී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන බවත් එය උතුරු දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කරන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 
මෙම තත්වය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල දී සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70-80 ක් දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බව තවදුරටත් මෙම නිවේදනයේ සදහන් වේ. 
කාලගුණවිදයා දෙපාර්තමේන්තුව විසින් විටින් විට මේ සම්බන්ධව නිකුත් කරන නිවේදන පිළිබදව අවධානය යොමුකරන මෙන් ආපදා කළමනාකරණ මධ්ස්ථානය තවදුරටත් දැනුම් දේ.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079